QR ක්‍රමය තව මාස තුනයි…! ඊට පස්සේ නාන්න තෙල් දෙනවා..! – කාංචන…

February 21, 2023 at 6:18 pm | by emanisa.lk

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක QR කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විශ්වාසය පළ කරයි.

රටේ ආර්ථික තත්ත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් දීමේ හැකියාව ලැබෙන බව ද හෙතෙම කීය.

ඉන් පසුව මීට පෙර පැවැති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ද අමාත්‍ය විජේසේකර සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *