PCR ප්‍රතිඵල සැණින් කියන මෘදුකාංගයක්….! ග්‍රාම නිලධාරීට සහ PHIටත් තොරතුරු වහා ම….!

May 14, 2021 at 9:27 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිතයකු ද යන්න තහවුරු කර ගැනීම සඳහා සිදුකරන PCR පරික්ෂණ ප්‍රතිඵල වහා ම කෙටි පණිවිඩයක් ලෙස අදාළ පුද්ගලයා වෙත යැවීම ඇතුළු කාර්ය ගණනාවක් පහසු කරන පරිගණක මෘදුකාංගයක් ඇඹිලිපිටියේ පරිගණක ඉංජිනේරුවකු රජීන් ප්‍රසන්න විසින් නිපදවා තිබේ.

මෙම මෘදුකාංගය මගින් ප්‍රදේශයේ රෝගීන් පිළිබඳ තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමාට ද මහජන පරික්ෂකතුමාට ද දැනගත හැකි ය.

රජීන් ප්‍රසන්න ස්වේඡාවෙන් නිර්මාණය කළ මෙම මෘදුකාංගයට ඇඹිලිපිටිය නගරය ආශ්‍රිතව ආසාදිතයින් පිළිබඳ තොරතුරු දැනටමත් ඇතුළත් කර තිබේ.

මෙම මෘදුකාංගය වැඩි දියුණු කර රටේ ම ආසාදිතයින්, නිරෝධායනය වන කණ්ඩායම් ආදී සියලු තොරතුරු ඇතුළත් කළ හැකි නම් වැදගත් බවට අදහස් සමාජමාධ්‍යවල දක්නට ලැබේ.

මෙම මෘදුකාංගය ඔස්සේ නිවැරදි තොරතුරු කඩිනමින් සහ විධිමත් ලෙස ලබාගත හැකි වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *