JVPකාරයෝ අපිව රවට්ටලා සිංහල බෞද්ධ නායකයා පන්න ගත්තා…! – අරගල නායක රාජාංගනේ හිමි…

August 17, 2023 at 11:04 am | by emanisa.lk

භික්ෂූන් වහන්සේලා මුල් වී පත් කළ ගෝඨාභය රාජපක්ෂ නම් සිංහල බෞද්ධ නායකයා කුමන්ත්‍රණයක් මගින් පළවා හැරි බව දැන්වත් අවබෝධ කරගත යුතු බව අරගල නායක රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ යම් යම් දුර්වලතා පැවතිය ද මුන් ටික එකතු වී තමන් රැවටූ බව ද එහිමියෝ පවසති.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් භික්ෂූන් වහන්සේලාට වටකොට පහර දෙන බවත් කහ සිවුර විනාශ කිරීමේ ඔවුන්ගේ අරමුණ බවත් සද්ධාරතන හිමි සඳහන් කරයි.

එම පිරිස කිසිදු අන්‍යාගමික පූජකයෙකුට වචනයක් නොකියන බවත් භික්ෂූන් වහන්සේලා තව දුරටත් පන්සල්වල සැඟවී මෙය බලා නොසිටිය යුතු බවත් එහිමියන් සඳහන් කළේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *