IMF යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…!

April 28, 2023 at 7:26 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවැත්විය.

එහි දී ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය. පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ජනතා විමුක්ති පෙරමුණ, උත්තරලංකා සභාගය සහ නිදහස ජනතා සභාව ඊට එරෙහි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, සමගි ජන බලවේගය සහ පාඨලී චම්පික රණවක ඡන්දය භාවිතයෙන් වැළකී සිටියේය.

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යෝජනාවට පක්ෂය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස