IMF නිසා ආර්ථික අර්බුදය උග්‍ර වෙනවා…! – හරිනි අමරසූරිය…

April 30, 2023 at 6:51 pm | by emanisa.lk

ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුව රටේ ආර්ථීක අර්බුදය තවත් උග්‍ර වන බව පැහැදිලි යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිණි අමරසූරිය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන ඇති තීන්දු තීරණ අනුව මේ රටේ ජනතාවට වන දේ ඉතා පැහැදිලි බවත් එමඟින් මෙරට ජනතාවට සහනයක් නොලැබෙන බව ද ඇය පැවසුවාය.

රටේ මහ ජනතාවගේ කරපිටට බර පැටවීමක් මෙයින් සිදුවන බවත් විරුද්ධව පක්ෂයක් ලෙස ජනතාවගේ බලවේගයක් ගොඩනැඟීමට සැලසුම් කරමින් සිටින බව ද ආචාර්ය හරිණි අමරසූරිය වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස