CID ගිය ඇමති ලැයිස්තුවට මහින්ද ජයසිංහත් එක්වෙයි…!

April 18, 2025 at 5:48 pm | by emanisa.lk

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියගේ ඡායාරූප භාවිත කර කොළඹ ප්‍රසිද්ධ හෝටලක සිය දියණියගේ උපන් දිනය පවත්වා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතක් සම්බන්ධයෙනි.

අදාළ උපන් දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වැනි දින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වන සිය දියණිය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවත් නි. ඇමතිවරයා සඳහන් කර තිබේ.

පළ කර ඇති මෙම ව්‍යාජ පුවත මගින් පූර්ණ කාලීන දේශපාලනයේ නිරත තමාට මෙන්ම තම දේශපාලන ව්‍යාපාරයට බරපතළ අපහාසයක් සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම පැමිණිල්ල මගින් දක්වා ඇත.

මෙයට පෙර ද ඇමතිවරුන් ගණනාවක් තමන්ට අපහාස කරන බව ප්‍රකාශ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *