හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා තබන ලද ෆෙස්බුක් සටහනක් පහත දැක්වෙයි.
රසායනික පොහොර තහනම නිසා සිදුවන ,දේශීය තේ නිෂ්පාදනය අඩුවීමට පිළියමක් ලෙස , පිටරටින් තේ ගෙන්වා , දේශීය තේ සමග මිශ්ර කිරීමට අවසර ලබාදෙයි. දේශීය තේ 30 % : පිටරටින් ගෙන්වන තේ 70 % යන අනුපාතයට මෙම මිශ්ර කිරීම කල හැකිය. මෙම ක්රමයට අපනයන ව්යාපාරිකයා ගොඩයයි. ඉන්දියාවෙන් ගෙන්වන බාල තේ මේ ආකාරයට දේශීය තේ සමග මිශ්ර කොට ප්රති අපනයනය හරහා සමස්ත තේ අපනයන ධාරිතාව පවත්වාගෙන යෑම රජයේ උත්සාහයයි.