Buddy කියන කුණුහරුපේ 2015 ඉඳලා පොත්වල තියෙනවා… හාමුදුරුවොත් දැක්කේ අපි දැම්ම බඩියා විතරයි…! – නි. ඇමති මහින්ද ජයසිංහ….

January 22, 2026 at 5:15 pm | by emanisa.lk

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසභ්‍යකරණය යනුවෙන් නමක්ද පටබැන්ද බවට කම්කරු නි. අමාත්‍ය මහින්ද ජයසිංහ චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම අසභ්‍යකරණය ආරම්භ වී ඇත්තේ 2015 ප්‍රකාශයට පත්කළ 11 ශ්‍රේණියේ information and communication technology පෙළපොතෙන් බවයි.

එහි 77 වන පිටුවෙහි දෙදෙනෙකු අතර ක්ෂණික පණිවිඩ හුවමාරු කරගත හැකි මෙවලම් හඳුන්වා දෙමින් ලින්ක් 15ක් පමණ දක්වා ඇති බවත් එහි Buddy යනුවෙන්ද සඳහන් බවත් නි. ඇමතිවරයා අවධාරණය කරයි.

උලපනේ සුමංගල හිමිද මෙම Buddy දැක නොමැති බවත් එහිමියන්ද දැක්කේ මෙවර හය ශ්‍රේණියේ ඇතුළත් කර ඇති බඩිය පමණක් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අද (22) පාර්ලිමේන්තුව අමතමින් නි. ඇමති මහින්ද ජයසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *