තම ආණ්ඩුව යුක්තිගරුක ආකෘතියක විනිවිදභාවයෙන් වැඩකරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස සන්නාමකරණය වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර පවසයි.
“අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ රටේ යම් බ්‍රෑන්ඩ් එකක් අත්පත් කරගෙන තියෙනවා. AKD කියන්නේ නම විතරක් නෙමෙයි Brand එකක්.
නිහතමානී වගේම යම් සාකච්ඡාවකට ඉඩ දෙන යුක්තිගරුක ආකෘතියක වැඩ කරන විනිවිදභාවයක් සහිත තෙතමනයක් සහිත හදවත් තියෙන මිනිස්සුන්ගෙන් සමන්විත දේශපාලන ව්‍යාපාරයක් විදිහට තමයි අපි Brand වෙලා තියෙන්නේ. ඒක තමයි, AKD කියන අකුරු තුනෙන් කිව්වේ.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.