උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයක් පිටවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබේ ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ වෙන් වෙන්ව පරීක්ෂණ පවත්වන බව වාර්තා වෙයි.
උසස් පෙළ විභාගය ආරක්ෂිත විධිවිධාන යටතේ පවත්වාගෙන යන අතරතුර කෘෂි විද්‍යාව දෙවන පත්‍රය පිටවීම සහ එය සමාජ මාධ්‍යයට මුදා හැර තිබීම ආන්දෝලනයට ලක්වූ අතර වරදකරුවන් වන නිලධාරීන්ට විනයානුකූලව පියවර ගන්නේ යැයි ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා පවසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ අධ්‍යාපන ඇමැතිවරයා, විභාග කොමසාරිස්වරයා මේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියේ වගකීම භාරගත යුතු බවය.
කෙසේ වෙතත් කෘෂි විද්‍යාව දෙවන පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබිණි.