යාපනය නගරයේ මාතර ඇඹුල කඩයේ කොටසක් කඩා දමයි…!

November 27, 2026 at 11:03 am | by emanisa.lk

යාපනයේ සිංහල පවුලකට අයත්ව තිබු “මාතර ඇඹුල” නමැති ආපන ශාලාවක කොටසක් කඩා ඉවත් කිරිමට යාපනය නගර සභාව කටයුතු කර තිබේ. මෙය සිංහල ව්‍යපාරිකයෙකු සතුව යාපනේ පවතින එකම ආපනශාලාව බවද වාර්තා වෙයි.

වසර ගණනාවක් පුරා සාධාරණ මිලකට යාපනයේ ජනතාවට ආහාර සැපයූ මෙම ස්ථානයේ, සිංහල මෙන්ම දෙමළ සේවකයින් ද එකට සේවය කරන ස්ථානයකි. යාපනයේ ප්‍රධාන වීදියේ පිහිටි ‘මාතර අඹුල හෝටලය’ (Matara Ambula Hotel) වෙත දිවා ආහාරය සඳහා පැමිණෙන පිරිස නගරයේ විවිධ සමාජ ස්ථර නියෝජනය කරන පිරිසක් විය.

එහිදී පොලිස් නිලධාරීන් දෛනික වැටුප් ලබන කම්කරුවන්, දෙමළ කාර්යාල සේවකයින්, තම නිවෙස්වලින් බොහෝ දුර බැහැර සේවය කරන සිංහල වෙළෙන්දන් සමඟ එකම මේසයක වාඩි වී ආහාර ගැනීම සුලබ දසුනකි. එහි ආහාර වේලක් රු. 350ක් වැනි මිලකට අලෙවි විය.

මෙම ආයතනයේ ඉදිරිපස කෑම කන ස්ථානයේ කොටසක් නගර සභාවේ අනුමැතිය නොමැති බව ප්‍රකාශ කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන යාපනය නගර සභාව මගින් කඩා ඉවත් කර ඇත. මෙම ආපනශාලාව අසලම දෙමළ සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් සතු නගර සභාවේ අනුමැතිය නොමැති වෙළඳ ආයතන පැවතියද ඒ කිසිවක් කඩා ඉවත් කර නැත.

නගර සභාවේ අනුමැතිය නොමැති දහස් ගණනක් ව්‍යාපාරික ස්ථාන ඇතුළු ඉදිකිරීම් යාපනය නගරයේ පැවතියද යාපනය නගර සභාව ඒ කිසිදු වෙළඳ ආයතනයකට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නැති වීමද විශේෂත්වයකි. උතුරේ යුද්ධය නිමා වී සමාව උදා වී වසර 17කට පසු සිය ව්‍යාපාරික ස්ථානය මේ ආකාරයට කඩා ඉවත් කරන අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයා සහ සේවක පිරිස හඬා වැළපුණු බවද ඇතැම් දෙමළ ජාතිකයන් පවා මෙම ක්‍රියාව විවේචනය කරන බවද මාධ්‍ය වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස