රු. 1750 ගල් බෝතලේට රු. 2250ක් බදු ගහලා…පොඩි මිනිහා බොන්නේ අරක්කු නෙමෙයි බදු… !

November 20, 2026 at 1:56 pm | by emanisa.lk

ගල් අරක්කු නමින් ප්‍රචලිත මත්පැන් බෝතලයක් නිපාදන වියදම රුපියල් 1750ක් වුවත් රජය ඊට රුපියල් 2250ක් බදු අයකරන බැවින් එහි මිල රුපියල් 4000ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසයි.

“කසිප්පු බීම නතර කරලා මිනිස්සුන්ට නීරෝගී සුවය ලැබෙන්න ගල් අරක්කු බෝතලේ මිල අඩුකරනවා කිව්වා. දැන් ගල් අරක්කු බෝතලේ කීයද ? රුපියල් 4000 යි. රුපියල් 1750 යි වැයවෙන්නෙ ගල් අරක්කු බෝතලයක් නිෂ්පාදනය කරන්න. රුපියල් 2250ක් බදු ගහනවා.

අපේ මිනිස්සු බොන්නෙ, ධීවරයො බොන්නෙ ගල් අරක්කු නෙවෙයි දැන් බදු බොන්න වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ වගේ බොරු කියලා, මේ වගේ රටේ මිනිස්සු රවට්ටලා බලය ලබාගත්තෙ. මේ මිනිස්සුන්ට සහන දෙන්න. ඔහෙලා මේ භාණ්ඩාගාරය පුරවාගෙන ඉන්න එපා, මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නෑ. ඒ සහන ලබාදෙන්න.”

දිලිප් වෙදආරච්චි මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *