ඩයස්පෝරාව වැඩට බහී… උතුරු පළාත් සභාවට ඉඩම් බලතල… මහවැලි පනත අහෝසියි…!

November 19, 2026 at 12:33 pm | by emanisa.lk

දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට මහවැලි පනත අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

එම ඉල්ලීමට අනුව මහවැලි අධිකාරියක් අවශ්‍ය නොවන බවත් එහි කටයුතු වාරි මාර්ග අමාත්‍යංශයට කළ හැකි බවත් පවසමින් ආණ්ඩුව මහවැලි අධිකාරිය අහෝසි කිරීමට සැරසෙන බවද ඔහු සඳහන් කරයි.

මහවැලි අධිකාරිය අහෝසි කළ වහා උතුරු නැගෙනහිර ඉඩම්වලින් 40%ක් ප්‍රාදේශීය ලේකම් යටතට පත්වන බවත් පළාත් සභාවල කෘෂිකර්ම ප්‍රඥාප්තිය ගෙන ආ පසු උතුරු පළාත් සභාවට තමන්ට උවමනා පරිදි එම ඉඩම් බෙදාදීමට හෝ පරිහරණය කිරීමට හැකි බවත් වසන්ත බණ්ඩාර ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *