කිසියම් මුදල් වර්ෂයක් සඳහා අයවැය මගින් වෙන් කරන මුදල් එම වසරේ දෙසැම්බර් 31ට පෙර වැයකළ යුතු බවත් වැය නොකර ඉතිරි වන සියලු මුදල් නැවත රජයේ ඒකාබද්ධ අරමුදලට යොමු වන බවත් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
දිට්වා ආපදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් මගින් 2025 වසරේ වෙන්කළ රු. බිලියන 500න් වැයකර ඇත්තේ බිලියන 40ක් පමණක් බවත් ඉතිරි බිලියන 460 නැවත ඒකාබද්ධ අරමුදලට බැර වූ බවත් ඔහු පෙන්වා දෙයි.
ඒ ආකාරයට ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලීය, ආසියානු සහ සාක් ක්‍රීඩා උළෙලවල පදක්කම්ලාභීන්ට මිලියන ගණන් ත්‍යාග ප්රදානය කරන බව කීවද 2027 වසරේ ඇත්තේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එහෙයින් ඒ සඳහා වෙන්කළ මිලියන සියයකට අධික මුදල නැවත දෙසැම්බර් 31 වෙනි දින රජයේ ඒකාබද්ධ අරමුදලට යොමු වන නිසා පසුගිය සමයේ ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට එම මුදල ලබාදීම සුදුසු බවද ඒ පිළිබඳ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති ප්‍රලාප බවද රවී කරුණානායක අවධාරණය කරයි.
රවී කරුණානායක මේ බව ප්‍රකාශ කළේ හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.