රංජන් ජයලාල් ශ්‍රේෂ්ඨ නායකයෙක්… ඔහු කටට එන දේ ඔහේ කියනවා… අල්ලස් ගත් බවට සාක්කි නෑ… පක්ෂෙන් අවවාද කළා…ඇමති ලාල්කාන්ත….

November 11, 2026 at 7:44 pm | by emanisa.lk

රංජන් ජයලාල් යනු ශ්‍රී ලංකා වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එහෙත් ඔහු අලුත් නව වසර උදාවන විට නගර සභාවට තෑගි ලබා දෙන ලෙස ඉල්ලා සිටීම පක්ෂය අනුමත නොකරන බවත් පක්ෂය ඔහුට අවවාද කළ බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

කිසිවෙකුට අල්ලස් ඉල්ලිය නොහැකි බවත් රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලකයන් වෙනත් අයකුගෙන් තේ එකක් පානය කිරීම පවා අවශ්‍ය නම් අල්ලස් ගැනීමක් ලෙස අර්ථකතනය කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.

රංජන් ජයලාල්ට විරුද්ධව පක්ෂයෙන් නෙරපීමේ හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්එම ප්‍රකාශය අල්ලස් ගැනීමක් ලෙස අර්ථකතනය කළ නොහැකි බවත් ඇමති ලාල්කාන්ත අවධාරණය කරයි.

උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *