විපක්ෂේ බොරු පිඹිනවා… සිරසට දුන්න ලක්ෂ1046 සංචාරක අධිකාරියේ… මහා භාණ්ඩාගාරේ නෙමෙයි…! – ඒකාබද්ධ විපක්ෂේ….

November 6, 2026 at 1:11 pm | by emanisa.lk

ආසියා පැසිෆික් විකාශන සංගමයේ සැසිය වෙනුවෙන් සිරස මාධ්‍ය ජාලයට ලබාදුන්නේ මහාභාණ්ඩාගාරයේ මුදල් බවට විපක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ සම කැඳවුම්කරු සංජය මහවත්ත පවසයි.

එලෙස ලබාදුන් රුපියල් මිලියන 104.6 මුදල සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ මුදල් බවද ඒවා රජයේ මුදල් නොවන බවද ඔහු අවධාරණය කරයි.

එම මුදල් විදේස් සංචාරකයන්ගෙන් සහ හොටෙල්වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අය කරන එම බදු පිළිබඳ කිසිවක් නොදැන විපක්ෂය අසත්‍ය ප්‍රචාර මුදා හරින බවට හෙතෙම චෝදනා කරයි.

මෙවැනි පහත් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් වැරදි මත සමාජගත කිරීමට එරෙහිව තමන් නිරන්තරයෙන් පෙනී සිටින බවද නිවැරදි මතය සමාජගත කරන බවද සංජය වහවත්ත අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් සංජය මහවත්ත මේ බව කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *