මහරගම ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා නිලධාරීන් වෙනුවෙන් පන්ති පහ පවත්වමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වෙනුවෙන් පවත්වන මෙම පන්ති පහ තරුණ සේවා සභාවේ උගන්වන්නේ තරුණ සේවා සභා අධ්‍යක්ෂ මහේෂ් අඹේපිටිය බවද ඔහු පෙන්වා දෙයි.
ජවිපෙ පන්ති පහ කළ යුත්තේ පැලවත්ත කාර්යාලයේ මිස තරුණ සේවා සභාවේ නොවන බවද පාර්ලිමේන්තුවට පැමිණ සිටින පනාගොඩ වැනි හරක් හොරුන් මේවා හෙළි කරන විට බාධා කරන බවද දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.
අද (06) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.