නැවෙන් බාන පෙට්‍රල් ලීටරේට රු. 145ක බද්දක් ගහනවා… ඩීසල් ලීටරේට රු.128ක බද්දක් ගහනවා.. අමතරව ණය ගෙවන්න රු. 50ක ගන්නවා…! – තෙල් සභාපති…

November 6, 2026 at 10:50 am | by emanisa.lk

වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක බද්දක් රජය විසින් අය කරනු ලබන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසයි.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටිමින් සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේ, ඉන්ධන මිල සූත්‍රය සහ පිරිවැය සැකැස්ම පිළිබඳව කාරක සභාව විසින් සිදු කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

පෙට්‍රල් ලීටරයක් සඳහා වන බද්ද ඒකාබද්ධ වූ විට ලීටරයකින් රුපියල් 145ක මුදලක්ද ඩීසල් ලීටරයක් සඳහා අදාළ බද්ද එක්ව ගත් කල රුපියල් 128ක මුදලක්ද බදු ලෙස අය කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.

මීට අමතරව, අදාළ ගණනය කිරීම් තුළ ණය පියවීම් වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් 50ක මුදලක්ද අන්තර්ගත වන බව සභාපතිවරයා කෝප් කාරක සභාව හමුවේ තහවුරු කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස