බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනක් පහත දැක්වෙයි.
අකුරු කළ මහගෙදරට කෘතවේදීත්වය පුද කිරීමෙන් දුන් අපූරු ආදර්ශය!
තම අධ්‍යාපනික ජීවිතය ආලෝකවත් කළ ගාල්ල හිනිදුම මල්ලිකා මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ නැණස පාදන්නට, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අගනා පරිත්‍යාගයක් ඊයේ දිනයේදී (28) සිදු කළේය.
ඒ එතුමාගේ පෞද්ගලික පුස්තකාලයේ තිබූ වටිනා පොත්පත් සමුච්චයක් තම ආදරනීය පාසල් මාතාවට පරිත්‍යාග කරමිනි.
පාසල් දරුවන්ගේ කියවීම ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යාශයෙන් මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබූ අතර එකී පරිත්‍යාගය විදුහල්පති පූජ්‍ය බටුවන්ගල විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පාසල වෙනුවෙන් භාරගනු ලැබීය.