සිරසට දුන්නේ මහා භාණ්ඩාගාරේ සල්ලි නෙමෙයි… ඒවා සංචාරක ප්‍රවර්ධන කාර්යංශේ සල්ලි… ඒ අරමුදල් පෞද්ගලික අංශෙට දෙන්න පුළුවන්…!

November 3, 2026 at 4:52 pm | by emanisa.lk

ආසියානු විකාශන සංගමයේ 63 වැනි මහා සමුළුවේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් MTV නාලිකා සමාගමට රුපියල් මිලියන 104.6ක මුදලක් ලබාදුන්නේ මහා භාණ්ඩාගාරයේ හෝ ජනතාවගේ බදු මුදල් නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අදාළව මතුව ඇති කතාබහ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේය.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ

ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ මාධ්‍ය ආයතන සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිබියදීත්, මෙවැනි ජාත්‍යන්තර සමුළුවක සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ලබාදී රජයේ මුදලක් වැය කරමින් පෞද්ගලික නාලිකාවක් ප්‍රවර්ධනය කර ඇති බවට මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේය.

අදාළ සමුළුවේ සත්කාරක මාධ්‍ය ආයතනය තෝරාගනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් නොව ආසියානු විකාශන සංගමයේ විධායක මණ්ඩලය විසින් බවද ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ රජයේ නාලිකා දෙකක් ඇතුළුව නාලිකා හයක් පමණ එම සංගමයේ සාමාජිකත්වය දරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

MTV සමාගමට ලබාදීමට යෝජිත රුපියල් මිලියන 104ක පමණ මුදල ලැබෙන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා බවත්, එම මුදල් මහා භාණ්ඩාගාරයෙන් හෝ මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් ඒවා නොවන බවත් ඔහු පැහැදිලි කළේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අරමුදල් ලැබෙන්නේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් අයකරන ඩොලර් පහක මුදලකින් සහ හෝටල් ක්ෂේත්‍රයේ ආදායමෙන් අයකරන සියයට එකක දායකත්වයකින් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි අරමුදල්වලින් අදාළ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික ආයතන සමඟද කටයුතු කළ හැකි බවද මීට පෙර කොළඹ මැරතන් තරඟය, ගුවන් හමුදා පාපැදි සවාරිය සහ දෙරණ නාලිකාවේ සරුංගල් සැණකෙළිය වැනි ව්‍යාපෘති සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනුග්‍රහය ලබාදී ඇති බවද ඇමතිවරයා සිහිපත් කළේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල්ද රජයේ මුදල් ලෙස සැලකිය යුතු නොවේදැයි මාධ්‍යවේදීන් යළි ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි අරමුදල්වලට තමන්ගේ විෂය පථය තුළ ප්‍රවර්ධන කටයුතු සඳහා රජයේ හෝ පෞද්ගලික ආයතන සමඟ කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි. එමෙන්ම අදාළ මුදලේ ප්‍රමාණය අනුව මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට දැනුම්දීමේ අවශ්‍යතාවක් පැවති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස