හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කරන ලද මෝටර් රථ ගාල් කර තිබූ අංගනයක ඊයේ (31) රාත්රී කාලයේදී හටගත් ගින්නට හේතුව අධික වර්ෂාමය තත්ත්වය හේතුවෙන් එල්ල වූ අකුණු පහරක් බව වරාය පොලිසිය පවසයි.
එමෙන්ම, මෙම ගින්න හේතුවෙන් අංගනයේ තිබූ මෝටර් රථ කිහිපයකට හානි සිදුව තිබේ. රාත්රී 8.45ත් 9.00ත් අතර කාලයේදී හම්බන්තොට ප්රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ හටගත් අකුණු තත්ත්වයක් මෙම අනතුරට මුල් වී ඇති බව වාර්තා වෙයි.
අකුණු පහරත් සමඟ අදාළ අංගනයේ හටගත් ගින්න හමුවේ වරාය පරිපාලනය වහා ක්රියාත්මක වී එය වළක්වා ගැනීමට පියවර ගෙන ඇත. අකුණු පහරින් හානි වූ වාහනවල වර්ග හෝ සමස්ත අලාභයේ නිශ්චිත වටිනාකම මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙලෙස හානි වූ වාහන අතර රජය විසින් ගෙන්වූ සුපිරි ඩබල් කැබ් 1750ද තිබූ බවට පළවන වාර්තාවල කිසිදු සත්යතාවක් නොමැති බවද දැනගන්නට තිබේ.