2010 ෆොන්සේකා දිනුවා නම් අද ලංකාව සංවර්ධිත රටක්…!

October 26, 2026 at 7:39 pm | by emanisa.lk

2010 ජනාධිපතිවරණයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපති ධුරයට පත්වූයේ නම් ලංකාව අද සංවර්ධිත රටක් බව සංජීව රණතුංග පවසයි.

ඔහු පෙන්වා දුන්නේ 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා රටේ ආර්ථික කඩාවැටීම සහ රට ඉදිරියට නොයාම පිළිබඳව විශ්ලේෂණය කරමින් පළමුව වෙනස් කළ යුත්තේ දූෂිත දේශපාලන සංස්කෘතිය බව පෙන්වා දුන් බවයි.

අතීතයේ දේශපාලනඥයන් යුද්ධය, ආර්ථික ක්‍රමවේද, ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු කරමින් ජනතාවගේ සහය ලබාගෙන ආණ්ඩු පිහිටුවූ බවත්, එම දේශපාලන ක්‍රමයේ සැබෑ විනාශකාරී ප්‍රතිඵල රට බංකොලොත් වූ පසුව ජනතාවට පැහැදිලි වූ බවත් ඔහු පෙන්වා දෙයි.

එදා ජනාධිපතිවරණය නිවැරදිව පැවැත්වුණේ නම් ජයග්‍රහණය කරන්නේ ෆොන්සේකා බවත් එසේ වී නම් අද රට සංවර්ධනය වී තිබීමට ඉඩ තිබූ බවත් සංජීව රණතුංග වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *