සිව්වන වරටත් බ්රසීල ජනාධිපති ධුරයට පත්වූ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමෙහි සටහනක් තබමින් සුබපැතුම් එක්කරයි.
බ්රසීලයේ ජනතාව දූෂණයට, සමාජ බෙදීම්වලට සහ දේශපාලන මුසාවාදවලට එරෙහිව ජයග්රහණය කර ඇති බව ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.
එම ඓතිහාසික ජයග්රහණයෙන් පෙන්නුම් කරන්නේ අසාර්ථක දේශපාලන පරම්පරාවන්ට සහ යුක්තියට වඩා බලය උසස් යැයි සිතන අතීතයේ බලවේගවලට ජනතාව රැවටිය නොහැකි බව යැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නැවත වරක් ප්රගතියේ ගමනට නායකත්වය ලබාදීම වෙනුවෙන් 80 හැවිරිදි ලූලා ද සිල්වා මහතාට උණුසුම් සුබපැතුම් එක්කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපතිවරණයෙහි පළමු වටයේ ඉදිරියෙන් සිටි හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ පුත් 45 හැවිරිදි ෆ්ලාවියෝ බොල්සොනාරා දෙවන වටයේදී පරාජයට පත්විය.