හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත සාවද්ය බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවැනි අසත්ය තොරතුරුවලට නොරැවටෙන ලෙසයි.
නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් ජනාධිපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.