අනුරාධපුර පූජා නගර ව්‍යාපෘතිය නිසා බෞද්ධයන් කැළඹෙයි… මුළු ව්‍යාපෘතියම මාලිමාණ්ඩුවේ ලොකුම මිත්‍යාදෘෂ්ටික ඇමති යටතට…!

October 25, 2026 at 11:36 am | by emanisa.lk

වර්තමාන මිත්‍යදෘෂ්ටික ආණ්ඩුවේ සිටින ලොකුම මිත්‍යාදෘෂ්ටිකයා ඇමති බිමල් රත්නායක බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශයක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ පවසයි.

අනුරාධපුර පූජාභූමි සංවර්ධන කටයුතු සිදුවන්නේ මෙම මිත්‍යාදෘෂ්ටික ඇමතිවරයා යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිසා බෞද්ධ ජනතාව විශාල තැතිගැන්මකට ලක්ව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘතියට ඉන්දියාව රු. බිලියන 7.7ක් ලබා දෙන්නේ රාමා මාර්ගය නම් සිය සංස්කෘතික දේශපාලන ව්‍යාපෘතිය සඳහා බවත් ආණ්ඩුව ඊට මුවාවී මෙරට සභ්‍යත්වයට හානිසිදුකරන්නට උත්සාහ කරන්නේ නම් රජය ඊට රාජතාන්ත්‍රිකව මුහුණදිය යුතු බවද ප්‍රියංකර වෙදගම්මුල්ලගේ අවධාරණය කරයි.

වර්තමාන ආණ්ඩුව 2025 වසරේ ඉන්දියාව සමග රහස් ගිවිසුම් හතක් ගැසුවද මෙතෙක් ඒ කිසිවක් හෙළිදරව් කර නොමැති බවද හෙතෙම ප්‍රකාශ කරයි. මේ රටේ සංස්කෘතිය සෝදාපාළු කරන ආකාරයේ ගිවිසුම් එහි ඇතැයි තමන් සැකකරන බවද ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස