2005 වසරේ සිට කාවන්තිස්ස ඇතා දක්වා ඇතුන් 23 දෙනෙක් ඝාතනය වී ඇතැයි චිරාත් උයනහේවා පවසයි.
ඔහු පෙන්වා දෙන පරිදි මහින්ද රාජපක්ෂගේ වසර 09ක පාලන කාලය තුළ ඇතුන් 05 දෙනෙකු ඝාතනය කර ඇති අතර වර්තමාන ජනාධිපති අනුර දිසානායකගේ වසර දෙකක පාලන කාලය තුළ ඇතුන් 9 දෙනෙකු ඝාතනය කර ඇත.
මෛත්රීපාල සිරිසේනගේ වසර 05කට ආසන්න පාලන කාලයෙ තුළ ඇතුන් 04 දෙනෙකු ඝාතනය කර ඇති අතර වසර දෙකයි මාස හතක ගෝඨාභය රාජපක්ෂ පාලන සමයෙහි ඝාතනය වූ ඇතුන් ගණන 03 දෙනෙකි.
රනිල් වික්රමසිංහගේ මාස 13ක පාලන කාලයකදී ඇතුන් 02කු ඝාතනය කර ඇත. මේ අනුව වැඩිම සීඝ්රතාවකින් අලි ඇතුන් ඝාතනය වී ඇත්තේ වර්තමාන ආණ්ඩුව යටතේ බව තහවුරු වෙයි.