චෙම්මනි සමූහ මිනී වළෙන් සොයාගත් මළ සිරුරු බෝවන රෝගයකින් හෝ ස්වාභාවික විපතකින් මියගිය පුද්ගලයන්ගේ විය හැකි බවට මානව විද්යාඥ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
යාපනයේ පළවන උදයන් පුවත්පත ප්රකාශ කරන පරිදි මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් යාපනය අධිකරණයට වාර්තාවක්ද ඉදිරිපත් කර තිබේ.
2025 වසරේ ආරම්භ වූ කැණීම් කටයුතු අතරතුර මිනිස් ඇටසැකිලි 580කට අධික සංඛ්යාවක් සොයාගෙන ඇති බවත්, ඒ අතර ළමයින්ගේ සහ බිලිඳුන්ගේ ඇටසැකිලි ද වන බවත් වාර්තාවේ සඳහන් වේ.
මෙම මිනී වළ ආශ්රිතව එම අවස්ථාවල අවමංගල චාරිත්රද ඉටුකර ඇති බවට සාක්ෂි හමුවී ඇතැයිද මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙයි.