ආණ්ඩුව වස්කවියෙන් පරල වෙයි… රචකයා සොයා විමර්ශන….!

October 21, 2026 at 1:16 pm | by emanisa.lk

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන් නම් වස් කවිය සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි ලෙස කලබලයට පත්ව, එය රචනා කළ පුද්ගලයා සොයා විමර්ශන පවත්වමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

අසත්‍යය ප්‍රචාරය කරමින් ජනතාව මුළා කර බලය ලබාගත් වත්මන් පාලකයන් අවසානයේ වස් කවියක් නිසා මහත් බියට පත්ව ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි. බලයට පත්වීමට බොරුව උපයෝගී කරගත්තේ නම් ඊට අදාළ දිට්ඨධම්මවේදනීය කර්මය මෙලොවදීම පඩිසන් දීම වැළැක්විය නොහැකි ස්වභාවික ධර්මතාවක් බවද ඔහු සඳහන් කරයි.

මෙවැනි නිර්මාණයක් සිදුකළ පුද්ගලයන් පසුපස හඹා යෑම මඟින් ආණ්ඩුවේ බියගුලුකම සහ අස්ථාවර ස්වභාවය මැනවින් ප්‍රදර්ශනය වන බවද නලීන් බණ්ඩාර වැඩි දුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස