පශු වෛද්යවරුන් සහ අඩවි වන නිලධාරීන් සේවය කරන්නේ ඉතාම දුෂ්කර සේවා කොන්දේසි යටතේ බව පරිසර අමාත්ය ධම්මික පටබැඳි පවසයි.
ඔවුන් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් මහා වනාන්තර මැද සේවය කරන බවත් එහෙයින් ඔවුන් සිය සේවය සඳහා දිරිගැන්විය යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙම ක්රියාවලිය තුළ කිසිවෙකුගේ අතින් වරදක් සිදුව ඇත්නම් පරිසර ඇමතිවරයා ලෙස තමන් එම වගකිම භාරගන්නා බවද ඇමති ධම්මික පටබැඳි ප්රකාශ කරයි.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුව අමතමිනි.