ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ නිරතවීම වළක්වමින් පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබේ.
පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවෙහි නිරතවීමට ඉඩ නොදෙන ලෙසය. පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු ගිහි පැවිදි බෞද්ධ නායකයන් පිරිසකට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇත.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනේ පැමිනි භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී.
ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස සඳහන් කළේ ඥානසාර හිමිට නිදහස ලබා දීම සම්බන්ධයෙන් නිෂ්චිත ප්රතිචාරයක් ආණ්ඩුවෙන් ලබා දිය යුතු බවය.
ඒ අනුව පිරිස රැය පහන් කරමින් තව දුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මහා සංඝරත්නය ප්රමුඛ පිරිස රැඳී සිටිති.