ලෝකයේ වේගයෙන් දියුණු වන රටවල් හතර අතරට බංකොලොත් ලංකාව ඔසවා තැබුවා…! – නි. ඇමති නාමල් කරුණාරත්න…

October 12, 2026 at 12:25 pm | by emanisa.lk

අද වන විට ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් අතරින් වේගවත්ම රටවල් හතර අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

නිකවැරටියේ පැවති “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

තවද තම ආණ්ඩුවක් යටතේ හොරකම, වංචාව, දූෂණය සහ නාස්තිය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට පියවර ගන්නා බවත්, ඒ හරහා රටේ මුදල් ඉතිරි කර රාජ්‍ය භාණ්ඩාගාරයට විශාල ආදායමක් එකතු කර ගැනීමට හැකි වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙරට ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය භාණ්ඩාගාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අයටද සත්‍ය ප්‍රකාශ කිරීමට සිදුවූ බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා විනිවිදභාවය නිසා රටේ මූල්‍ය තත්ත්වය මැනවින් පාලනය වන බවත් ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *