සිරගත භික්ෂුවගේ ඇඳුම තීන්දු කිරීමේ අයිතිය නිකායට… නීති රේගුලාසි වහා සැකසේ…!

October 11, 2026 at 6:40 pm | by emanisa.lk

සිරගත වන භික්ෂූන් වහන්සේලා අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙන යාමට කටයුතු සැලැස්වීම සඳහා නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එම සංශෝධනය යෝජනා අදහස් ලබා ගැනීම සඳහා එළඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එහිදී, පත් කරන ලද විශේෂ කමිටුව විසින් සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදු කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. ඉ

ඉදිරි සති දෙක තුළ මෙම රෙගුලාසි සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් එතැන් සිට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු කෙරෙනු ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *