ඥානසාර හිමි අපේ සංඝ සභාවේ… අපි නැති සාකච්ඡාවක් දැක පුදුම වුණා… ගැටලුව විසඳීම සඳහා පැමිණ අප සමග සාකච්ඡා කරන්න….! – මහා සංඝ සභාව ජනපතිට දැනුම් දෙයි…

October 10, 2026 at 11:53 am | by emanisa.lk

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර එම හිමියන් අයත් සිය සංඝ සභාව සමග සාකච්ඡාවකට එකතු වන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් මගින් අද (09) දැනුම්දී තිබේ.

තම සංඝ සභාව සහභාගී කර නොගෙන නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් සමඟ ඊයේ (09) සාකච්ඡාවක් සිදුකළ අයුරු මාධ්‍ය ඔස්සේ දැක තම සංඝ සභාව මවිතයට පත්වූ බවද උන්වහන්සේ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි තම සංඝ සභාවේ භික්ෂුවක් වන බැවින් උන්වහන්සේ චීවරයේ තබාගැනීමේ හෝ ඉවත් කිරීමේ බලය ඇත්තේද තම සංඝ සභාවට බවය.

එසේ තිබියදී තම සංඝ සභාව සහභාගී කර නොගෙන වෙනත් ස්වාමීන් වහන්සේලා පිරිසක් සමඟ සාකච්ඡාවක් සිදුකරනු ලැබූ පුවත මාධ්‍ය ඔස්සේ දැක තම සංඝ සභාව මවිතයට පත්වූ බවද අදාළ කාරණය සුදුසු පරිදි විසඳී නැතැයි තමන් විශ්වාස කරන බවද එහි දක්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *