අනුරපුර බොදු පුදබිමේ රාමා කෝවිලක් අටවන සැලසුමක්… රුවන්වැලි සෑයේ මල් ආසන ගලවා වැටක් ගහන්නත් යෝජනා…!

October 9, 2026 at 5:10 pm | by emanisa.lk

අනුරාධපුර පූජාභූමියේ වෙනත් ආගමික ස්ථාන ගොඩනැඟීමේ සැලසුමක් ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

“අනුරාධපුර පූජා භූමිය ඇතුළට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කරන්න හදනවා. ඉන්දියානු අරමුදල්වලින් පූජා භූමියේ රාමා කෝවිලක් හැදීමේ අරමුණක් තියෙනවා. මල් ආසන අයින් කරන්න, රුවන්වැලි සෑය වටේ වැටක් ගහන්න ලැහැස්ති වෙනවා. මල් ආසන වැටෙන් මෙහා.

මේවා ස්මාරක බවට පත්කරනවා. වැඳුම් පිදුම් කරන ස්ථාන නෙමෙයි. ඉන්දියාවේ බොහෝ බෞද්ධ ආගමික ස්ථානවල මල් ආසන අයින් කරලා. කුෂිනගර් බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑ විහාරයේ මල් ආසනය අයින් කරලා. බෞද්ධයන්ට මල් පූජා කරන්න බෑ. අභයගිරියෙත් මල් ආසන අයින් කරන්න උත්සාහ කළා. විරෝධය නිසා බැරි වුණා.

මේ ආකාරයට සභ්‍යත්වයට පහර දීම මහා සැලසුමක කොටසක්. බෞද්ධ භික්ෂුව ඇමරිකානු උවමනාවන් අනුව යොදා ගන්නා ආකාරය පවා ඔවුන් සාකච්චා කරනවා.”

වෛද්‍ය වසන්ත බණ්ඩාර මේ බව කීවේ හිරු නාලිකාවේ දේශපාලන සංවාදයකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *