බන්ධනාගාරය තුළ සිටියදී සියලු සිරකරුවන් මෙන්ම භික්ෂූන් වහන්සේද සිරකරු ඇඳුමින් සිටීම බන්ධනාගාර ආඥාපනත අනුව නිවැරදි බව හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි.
එහෙත් සමාජය ප්‍රශ්න කරන්නේ උන් වහන්සේට අද අධිකරණයට ඉදිරිත් කිරීමේදී සිවුර දරා සිටීමේ අයිතිය අහිමි කළේ කවුද යන්න බවයි, ඔහු පෙන්වා දෙන්නේත.
මෙයට පෙර සිරගතව සිටියදී ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කළේ සිවුර සහිතව බවද බන්ධනාගාරය තුළ සිටි ආකාරය කිසිවෙකු ප්‍රශ්න නොකළ බවද චන්න ජයසුමන අවධාරණය කරයි.
ඥානසාර හිමියන්ගේ අකමැත්ත නොතකා බලහත්කාරයෙන් සුදු සරම සහ කමිසය අන්දවා ඇත්තේ බන්ධනාගාර කොමසාරිස්ට ඉහළින් ආ නියෝගයක් අනුව බවටද ඒ වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට දායක වූ පිරිස සතුටු කිරීම සඳහා බෞද්ධයන් රිදවීම සඳහාම බවටද ඔහු චෝදනා කරයි.
අද (06) සර්වජන බලය මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් කැබිනට් මාධ්‍ය ප්රකාශකවරයාගේ ප්‍රකාශයක් විවේචනය කරමින් චන්න ජයසුමන මේ බව කීය.