ඥානසාර හිමිට ජනාධිපතිට ඕන ඕන විදිහට සමාව දෙන්න බෑ… අධිකරණ තීන්දු හරවන්න බෑ..! – ලක්ෂ්මන් නිපුන ආරච්චි….

October 4, 2026 at 4:47 pm | by emanisa.lk

ජනාධිපති සමාව අහෝස කර අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාරි හිමියන්ට ජනාධිපති සමාව දුනහොත් ජනාධිපති ඒකාධිපති යැයි චෝදනා නගනු ඇතැයි ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි.

වැරදි කළ අයෙකුට අධිකරණයෙන් දුන් තීන්දුවක් එලෙස ආපස්සට හැරවිය නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

ජනධිපති සමාව දීමේ ක්‍රමවේදයක් ඇති බවද ඒ ක්‍රමවෙදය අනුව ඉල්ලුම් කළහොත් සලකා බැලිය හැකි බවද ලක්ෂ්මන් නිපුන ආරච්චි ප්‍රකාශ කරයි.

එසේ නොමැතිව ජනාධිපතිවරයාට හිතුමතේ කටයුතු කළ නොහැකි බවත් දැන් පාරාවළල්ලක් වී ඇත්තේ එසේ ගත් තීන්දු බවත් ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *