බංකොලොත් රටක් භාර අරන් ශක්තිමත් ආර්ථිකයක් හැදුවා… ලබන අවුරුද්දේ IMF එකෙන් මිදී ස්වාධීන ගමනක් යනවා…! – ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි…

October 4, 2026 at 10:40 am | by emanisa.lk

ලබන වසර වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන ගමනක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හිමිවන බව සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි.

“බංකොලොත් වෙච්ච රටක් අපි භාරගත්තේ. නිල වශයෙන් බංකොලොත්භාවයට හෙළපු රටක්. ඒ වගේම ණය ගෙවීම නිල වශයෙන් අත්හැරලා දාපු රටක්. ඒ දෙකම අපි පියවාගන්න සමත් වෙලා තිබෙනවා.

ඊට අමතරව ජනවරමේ තිබුණු ප්‍රධාන ඉල්ලීමක් තමයි නීතිය සහ සාමය, නීතියේ ආධිපත්‍ය පිහිටුවන්න කියන එක. අද ප්‍රමුඛ කාරණයක් බවට පත්කරගෙන තිබෙනවා අපි නීතියේ ආධිපත්‍ය පිහිටුවීම.

ඒ වගේම තමයි අපේ රට මේ ව්‍යසනයට ඇද දාපු අපරාධකරුවන්, මංකොල්ලකරුවන් සංවිධිතව අධිකරණය හමුවට පමුණුවන්න කියන එක, අද වෙනකොට මේක ඉතාම ජනතා පැසසුමට ලක්වෙලා තියෙන කාරණයක්.

ඒ වගේම තමයි IMF සංවිධානයත් එක්ක බැඳුණු වැඩසටහනක් සමගයි අපි ලංකාව භාරගත්තේ. ලබන වසර වෙනකොට IMF ආයතනයෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. ඒ වගේම තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය වගේම මහා පරිමාණව පැහැරහැරලා තිබුණු බදු නැවත එකතු කරගෙන ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හදාගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා.”

ඇමති හිනිඳුම සුනිල් සෙනවි මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ පාලනයේ වසර දෙකක් තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රගතිය පිළිබඳ පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස