මම ගුටිකාලා හොස්පිටල් ඇඩ්මිට් වෙනවා… ඇපල් අරන් බලන්න එන්න…! – නිලන්ති කොට්ටහච්චි…

October 3, 2026 at 6:26 pm | by emanisa.lk

තමා රෝහල්ගත වීමට යන නිසා සුවදුක් බැලීමට පැමිණෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි පවසයි.

සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඈ මේ බව පවසා තිබේ.

“මම ඒත් බැලුවා මේ සෙනසුරාදා විපක්සෙ ෂෝ එක ප්‍රමාද ඇයි කියලා…. මම මේ ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න යන ගමන්. ඇපල්, මාමයිට්, නෙස්ටමෝල්ට්, ක්‍රීම් කැකර් අරන් එන්නෝ…”

නිලන්ති කොට්ටහච්චි මේ ආකාරයට ප්‍රතිචාර දක්වා ඇත්තේ පසුගියදා රාත්‍රියේ සැමියාගෙන් පහර කෑ නිලන්ති කොට්ටහච්චි රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍යවල හුවමාරු වූ පෝස්ටුවක් පිළිබඳ විය යුතුය.

එම පෝස්ටුව සමග ඈ වාහනයක ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද පළකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස