ආණ්ඩුවේ ප්‍රකාශකයන් පවසන ප්‍රකාශවලින් කොටස් අල්ලා ගනිමින් ඇතැම් මාධ්‍ය ආයතන ආණ්ඩුව විවේචනය කිරීමට උත්සාහ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
“අපේ වචනයකට කෙළින්නනේ බලාගෙන ඉන්නේ… ඇති තරම් කෙළහල්ලා, අපිට මොකෝ! මිනිස්සු මාධ්‍ය දිහා බලද්දී ඒ ඒ නාලිකාවේ ලේබල් එක මොකක්ද කියලා හොඳට බලාගෙනයි නිව්ස් අහන්නේ.
මේක සියත, මේක ITN මේක හිරු… ආ හිරු නම් පචම තමයි. මේක දෙරණ… නයි දෙරණ, දෙරණ නම් නයා තමයි. නයා දානවා කියන්නේ… ඉතින් ඒ වගේ ඒවත් තියෙනවා.”
අලුතින් වී වගාවට ඉඩම් යට කළ යුතු නැහැ කියන එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත්, අපේ ලේකම්තුමාත් සාක්ෂි දරන විද්‍යාත්මක ඇත්තක්. හැබැයි ඒ ඇත්ත කිව්වාම මුන් කියනවා ‘මූ මහා පුදුම කෘෂිකර්ම ඇමැතියෙක්’ කියලා.
අපේ ලේකම්තුමාට බනිනවා, මට බනිනවා, ආණ්ඩුවට බනිනවා. ඒගොල්ලන්ට ජාතික වශයෙන් රට තියෙන තැන තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න උවමනාවකුත් නෑ.”
උත්සවයක් අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව සඳහන් කළේය.