භාණ්ඩාගාරේ උතුරනවලු… ජනගහනයෙන් 2/3ක් දුප්පත්… ළමයි 21%කට මන්දපෝෂණේ…! – පුබුදු ජයගොඩ…

October 1, 2026 at 4:24 pm | by emanisa.lk

වර්තමාන පාලනය යටතේ රටේ ජනගහනයෙන් තුනෙන් දෙකක් දුප්පතුන් බවට පත්ව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

භාණ්ඩාගාරය පිරී ඉතිරි ඇතැයි පම්පෝරි ගැසුවද අවුරුදු 5ට අඩු දරුවන් අතර 21%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද ලංකාව දැන් ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව අතරට ගොස් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

තව වසර කිහිපයකින් රටේ ශ්‍රම බලකාය වන්නේ අද පෝෂණ ඌනතාව නිසා ශරීරය සහ බුද්ධිය වර්ධනය නොවන දරු පිරිස බවත් ඒ පිළිබඳ අවධානය යොමු නොකර AI තාක්ෂණය ගැන කතා කරමින් කාලය ගතකිරීම විගඩමක් බවද පුබුදු ජයගොඩ අවධාරණය කරයි.

සියත නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *