රජු ධාර්මික නොමැති බවත් රජුට උපදෙස් දෙන ටිල්වින් සිල්වා සහ ඇමති මණ්ඩලය ධාර්මික නැති බවත් බොරු කියමින් ජනතාව අමාරුවේ දමන බවත් තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන්නැයි දස දහස් ගණනක් පෙත්සමට අත්සන් කරද්දි එක් අයකු සිදුකළ ක්‍රියාවක් පදනම් කරගෙන සමස්ත ජනමතය විකෘති කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටද එහිමියන් චෝදනා කරයි.
ආණ්ඩුවට තමන් සිරගත කළ හැකි වුවද තමා ලබා දුන් ඡන්දය වෙනුවෙන් ඉදිරි වසර තුනම ආණ්ඩුව පිටුපස පන්නන බවද තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ප්‍රකාශ කරයි.
සත්‍ය විකෘති කර බොරුව චංවාව ප්‍රෝඩාව ප්‍රදර්ශනය කරන ආණ්ඩුවේ මඩ බලකායට වෛර නොකරන ලෙසත් ඔවුන්ට මෛත්‍රිය කරුණාව උගන්වන ලෙසත් එහිමියන් ඉල්ලා සිටියි.
තිත්තගල්ලේ ආනන්දසිරි හිමි මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමිණි.