හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෙකු වෙත කැමරා ප්‍රහාරයක් එල්ල වූ බවට නැඟෙන චෝදනා පිළිගත නොහැකි බව මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල පවසයි.
එය අහඹු සිදුවීමක් බවත් තදබදයක් මතුව තිබූ බවත් කැමරාවකින් ආරක්ෂකයෙකුට පහර දීමට තරම් තත්ත්වයක් ඇති වූයේ යැයි තමා නොසිතන බවත් හෙතෙම අවධාරණය කරයි.
මේ වන විට අධිකරණ පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ප්‍රභූවරුන්ට ආරක්ෂාව ලබා දී ඇති බවද සුනිල් වටගල සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අධිකරණය තුළදී සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියෙකු විසින් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෙකුට කැමරාවකින් පහර දීම ඔස්සේ නැවත අධිකරණවල ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු වී ඇති බවට මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු ලෙසිනි.
ඒ ජාතික රූපවාහිනියේ දේශපාලන සාකච්ඡාවකට එකතු වෙමිනි.