පසුගිය ජනාධිපතිවරණ සමයේ සිය ආණ්ඩුවක් යටතේ සතියකට වරක් ගමට නාට්‍යයක්, දහඅට සන්නියක්, රූකඩ සංදර්ශනයක්, බලියක්, තොවිලයක් ගෙන එන බවට වර්තමාන නි. අමාත්‍ය නලින් හේවගේ පොරොන්දු වූයේ යැයි සජබ නීති ලේකම් යොහාන් ආරියවංශ පවසයි.
දැන් එම පොරොන්දුව ඉටු කරමින් ඇතැයිද සතියකට දෙකකට වරක් බේරුවලින් පටන් ගෙන අනුරාධපුර පොළොන්නරුව හරහා ගම්පහට දහඅට සන්නිය පැමිණ ඇති බවද හෙතෙම ප්‍රකාශ කරයි.
ගම්පහින් ඡන්ද ලක්ෂ හතක් ගත් විජිත හේරත් නිව්යෝක් එක්සත් ජාතීන්ගේ සමුළුවට යවා රටේ ජනාධිපතිවරයා ගම්පහට පැමිණ ගිනි පෙට්ටි මාමාගේ ගිනිපෙට්ටි කතාවලට පිළිතුරු දෙමින් සිටින බවටද ඔහු චෝදනා කරයි.
රටේ 42%ක් ජනතාව ඡන්දයෙන් පත්කළ ජනාධිපතිවරයා කළ යුත්තේ රට නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සමුළුවට නොයා බීමත් පුද්ගලයෙකුගේ කතාවක් තැන් තැන්වල ගොස් පතුරු ගැසීම දැයි යොහාන් ආරියවංශ ප්‍රශ්නක කරයි.