පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 06 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය තීරණය කරයි.
රුපියල් කෝටි 1000 කට ආසන්න වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු කන්ටේනරයක් කොළඹ වරායේ තිබියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී ඇති වූ අක්‍රමිකතා සහ පැහැර හැරීම් පාදක කරගෙන මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, එම අංශ අධ්‍යක්ෂ ඇතුළු සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු සහ ස්ථානාධිපතිවරයා මාරුකර ඇති අතර තවත් පහළ ශ්‍රේණි නිලධාරීන් පිරිසක්ද ඉදිරියේදී මාරුකර යැවීමට නියමිතය.
මෙම අයිස් කන්ටේනරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට පසුගිය අගෝස්තු මාසයේ ලැබුණු ඔත්තුවකට අනුව අත්අඩංගුවට පත්විය.
Divaina