48න් පස්සේ කිසිම ආණ්ඩුවක් මේ විදිහට රට ආපස්සට ඇදන් ගියේ නෑ… මහින්ද ඓතිහාසික චරිතයක්… අනුරට දහ පාරක් ඉපදුණත් මහින්දට ළං වෙන්න බෑ…! – ආචාර්ය දයාන් ජයතිලක…

September 23, 2026 at 6:51 pm | by emanisa.lk

76 වසරක ශාපලත් යුගයේ වර්තමාන ආණ්ඩුව මෙන් දුප්පත්කම ජනිත කරවන ආණ්ඩුවක් නොතිබුණු බව පසුගිය ජනාධපතිවරණ සමයේ අනුර දිසානායක වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ආණ්ඩුවේ වැඩපිළිවෙළට ඔවුන් ප්‍රකාශ කරන ආකාරයේ විශාල ජනප්‍රසාදයක් ඇත්නම් එම ජනප්‍රියත්වය භාවිත කර ඡන්දයක් නොතබන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කරයි.

මහින්ද රාජපක්ෂ යනු අවුරුදු තිහක් රට පෙළූ යුද්ධයක් වසර තුනකින් අවසන් කළ ඓතිහාසික නායකයෙකු බවද දයාන් ජයතිලක අවධාරණය කරයි. අනුර දිසානායක තව දහ වරක් ලංකාවේ ඉපදුණද මහින්ද රාජජපක්ෂට හිමි ආදරයට සහ ඔහුට හිමි ඓතිහාසික ස්ථානයට ළං වෙන්නට පවා නොහැකි බවද ඔහු ප්‍රකාශ කරයි.

1948 සිට කිසිදා නොවූ ආකාරයේ රට උඩු යටිකුරු වීමක් ආපස්සට යෑමක් සහ භයානක අතට ගමන් කිරීමක් පසුගිය දෙවසර තුළ සිදු වූ බවද දයාන් ජයතිලක ප්‍රකාශ කරයි.

ලංකා වොයිස් අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස