ක්‍රිස්තියානි ජනතාවගෙන් සමාව ඉල්ලනවා… මම මැරෙන තුරු ජවිපෙ සාමාජිකයෙක්…! – මොහොමඩ් ඊබ්‍රාහිම්…

September 23, 2026 at 4:12 pm | by emanisa.lk

ක්‍රිස්තියානි ජාතිය සමාව දෙන ජාතියක් බවත් තමා ක්‍රිස්තියානි ජාතියෙන් සමාව ඉල්ලා සිටින බව පාස්කු ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් සහ ඉර්ෆාම් දෙසොහොයුරන්ගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් පවසයි.

වසර 35ක් තිස්සේ තම ව්‍යාපාරයේ සේවය කළ උමා, එනිස්ටන් සහ යෝගා යන තිදෙනාම ක්‍රිස්තියානි ආගමිකයන් බවද ඔහු ප්‍රකාශ කරයි.

තමන් උදව් කළාද නොකළද තමන්ට උදව් කළාද නොකළද තමා මිය යන තුරු ජවිපෙ පාක්ෂිකයකු බවත් ජවිපෙ නායකයන් දවස් දෙකක් කන්න නැතිව වුව වැඩ කරන පිරිසක් බවත් මොහොමඩ් ඊබ්‍රාහිම් අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *