පාස්කු ප්‍රහාරය අන්තවාදී ක්‍රියාවක ප්‍රතිඵලයක්… පාස්කු මහ නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව…!

September 23, 2026 at 10:47 am | by emanisa.lk

පාස්කු මහ නඩුවෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් වැරදිකරුවන් ලෙස නම් කොට තවත් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කළ බව BBc අධිකරණ වාර්තාකරු කේ.එස්. උදයකුමාර ප්‍රකාශ කරයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේඛ සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මෙම ප්‍රහාරය අන්තවාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දුන් බවද ඕනෑම ආගමක සිටිය හැකි අන්තවාදීන්ට පාඩමක් විය හැකි දඬුවමක් වැරදිකරුවන්ට පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කරයි.

එහෙයින් කොළඹ මහ බැංකු බෝම්බ ප්‍රහාර නඩුවේ වේළුපිල්ලෙ ප්‍රභාකරන්ට පැනවූ ආකාරයේ දඬුවමක් මෙම වැරදිකරුවන්ට පනවන ලෙසද හරිප්‍රියා ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිටි බවද කේ.එස්. උදයකුමාර වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *