ඇමති හඳුන්ගේ බොරුවට ආයුෂ පැය 24යි…. නිදි කළා කී නිල්වලා ගඟ ඇහැරෙයි… අකුරැස්සේ මාර්ග රැසක් යටවෙයි..!

September 21, 2026 at 4:27 pm | by emanisa.lk

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යෑම නිසා අකුරැස්ස ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇත.
පසුගිය දින කිහිපය තුළ මිලි මීටර් 200ක පමණ වාර්ෂාපතනයක් ප්‍රදේශයට පතිත වී තිබිණි. මේ නිසා අකුරැස්ස, පිටබැද්දර, මාලිම්බඩ ආදී ප්‍රදේශ රැසක මාර්ග ගං වතුරින් යට වී ඇත.

කෙසේ වුවද ඊයේ (20) අකරැස්සේ පැවති රටට සුබයි ජන රැලිය අමතමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ සිය ආණ්ඩුව පැමිණි විගස නිල්වලා ගඟ සුද්ද කර ජල ගැලීම් සම්පූර්ණයෙන් පාලනය කළ බවයි.

ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ සිය ආණ්ඩුව බලයට පත්වූ පසු අකුරැස්ස ප්‍රදේශය ගං වතුරින් යට නොවූ බවත් පසුගිය ආණ්ඩු සමයේ කුඩා වැස්සට පවා මුළු අකුරැස්සම ගං වතුරින් යටවූ බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *