සීයට 43න් ජනාධිපති වුණ අනුරගේ ජනප්‍රියත්වය 75%ට වඩා උඩට නැගලා…! – ඇමති වසන්ත සමරසිංහ….

September 21, 2026 at 9:47 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේදී 43%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය මේ වනවිට 75% කටත් වඩා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“කවුරුත් ට්‍රයි කළාට වැඩක් නෑ, 2029දීත් ජනාධිපති අනුරම තමයි. කටට එන වචන කිව්වාට වැඩක් නෑ, ජනතාව දන්නවා මේක ජනතාවාදී පාලනයක්.

43%ක් ගත්ත අනුර දිසානායක ජනාධිපතිවරයා අද වෙනකොට 75% කට වැඩි ජනතා ප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා. මං හිතන්නෙ කළය බිඳගෙන ඉවරයි ඒගොල්ලෝ.”

ඇමති වසන්ත සමරසිංහ මේ බව පැවසුවේ ඊයේ අනුරාධපුර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *