මම ආවේ පක්ෂ නායකයා විදිහට පක්ෂේ ගොඩනඟන්න… ජනතා උවමනා ඉටු නොකරන පාලකයාට එරෙහිව උද්ඝෝෂණ කළ යුතුයි….! – ජනාධිපති….

September 20, 2026 at 6:24 pm | by emanisa.lk

තමන් අද අකුරැස්සට පැමිණියේ ජාතික ජන බලවේගයේ නායකයා ලෙස පක්ෂය ගොඩනැඟීමට මිස ජනාධිපති ලෙස නොවන බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

මෙයට පෙර ආණ්ඩු බලය ලැබුණු පසු ජනාධිපති ජනාධිපති කාර්යාලයේදී ඇමති අමාත්‍යංශයේද කොටු බවද ආණ්ඩුව සහ ජනතාව අතර අන්තර් සබඳතාවක් නොතිබූ බවත් හෙතෙම අවධාරණය කරයි.

පෙර ආණ්ඩු සමයේ මෙරට ජනතාව පාලකයාට බිය වූ බවත් ඒ වෙනුවට ජනතාව පාලකයා ප්‍රශ්න කරන පාලකයාට විරුද්ධව උද්ඝෝෂණය කරන නව සබඳතාවක් නිර්මාණය කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ලෝකයේ රටවල් ඉදිරියට ගියේ ජනතාවගේ උවමනාවන් ඉටු නොකරන පාලකයන් ප්‍රශ්න කිරීම හරහා බවද එවැනි නව යුගයක් ඇති කළ යුතු බවත් ජනාධිපති අනුර දිසානායක පෙන්වා දෙයි.

අද (20) අකුරැස්සේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස